Skip to main content

Posts

A Journey to Koggale Cinnamon Island

Join us as we visit Koggale Cinnamon Island to learn the traditional process of making cinnamon with a skilled local elder. Discover the fascinating steps involved in creating this beloved spice.
Recent posts

දෙවුන්දර ඉපැරණි නැංගුරම #srilanka #ancient #history #china #chinahistory

 දෙවුන්දර ඉපැරණි නැංගුරම

මුල්ගිරිගල රජමහා විහාරය – Mulgirigala Rajamaha Viharaya – Humans Of Dondra

හම්බන්තොට සිට වීරකැටිය – බෙලිඅත්ත මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ පැමිණි විට මුල්ගිරිගල මංසන්දිය හමුවේ.  එතැන් සිට වම්පස ඇති මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් ගත් විට මෙම රජමහා විහාරයට පැමිණීමට හැකිය.  දේවානම්පියතිස්ස රජ සමයේ රුහුණේ යුව රජු වූ මහානාග රජු විසින් මෙහි “සුවිසි බුද්ධ විහාරය”නමින් විහාරයක් කරවූ බවත් කාවන්තිස්ස රජු විසින් රුහුණේ කරවන ලද සුසටක් විහාර අතරින් සංය්ද්ද විහාරය නමින් කරවන ලද විහාරය මුල්ගිරිය බවත් ධාතුවංසයේ සඳහන් වේ.  විශේෂ ස්තුතිය  විහාරාධිකාරී පුජ්‍ය කිරම ස්වාමීන් වහන්සේ කාව්‍ය ශ්‍රී විමල් මදිගම මහතා A.A දිමුතු රුවන් මහතා කලාප භාර නිලධාරි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හම්බන්තොට පුරාවිද්‍යා කොමසාරිස් තුමිය මධ්‍යම සකෘතික අරමුදල ගාලු උරුමය පදනම වීරකැටිය ප්‍රදේශවාසින්

දෙවුන්දර බීරළු කලාව – Art Of Beeralu – Humans Of Dondra

බීරළු ශිල්පය දැනට දකුණු පළාතේ ගෘහස්ත මට්ටමෙන් පවතවාගෙන යන කර්මාන්තයකි. මාගාල්ල, වැලිගම සහ දෙවුන්දර යන ප්‍රදේශවල තවමත් බීරළු ගෙතීම ස්වයං රැකියා මට්ටමෙන් පවත්වාගෙන යනු ලබයි. බීරළු නිර්මාණ සඳහා විදේශ සංචාරකයන් මහත් උනන්දුවක් දක්වනු ලබයි, එමෙන්ම මෙම නිර්මාණ වැඩි වශයෙන් භාවිත කරනුයේ ඇද ඇතිරිලි, කොට්ට උර හා කාන්තා ඇදුම් සඳහාය. රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙවැනි සම්ප්‍රදායක කර්මාන්තවලට ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇත. මෙවන් පැරණි කර්මාන්ත රැක ගැනීම අප සැමගේ යුතුකමක් සේ සලකමු. Elaborately woven beeralu lace may be hard to come by these days, but this product of an age-old craft was once popular, and much valued, across the island. Today, lacemakers down South—particularly in Magalle,Weligama And Dondra work hard to keep the tradition of beeralu lacemaking alive and going.

Udaya Sports Items – Galle

Discover the best cricket bats in Sri Lanka! Udaya sports items are handmade and durable, located in Galle. Check out our video to learn more about this product and how it can help you take your game to the next level! #galle #srilankacricket #sports #UdayaSportsItems #srilanka

Sri Lankan Traditional Dance – Humans Of Dondra

Sri Upulvan Devalaya An ancient temple dedicated to the god Upulvan was situated at Devinuwara in Matara, the southernmost area of the country. උඩරට , පහතරට සහ සබරගමු යන සිංහල නර්තන සම්ප‍්‍රදායන් අතුරෙන් පැරණි ත‍්‍රිසිංහලයෙහි රුහුණු රටෙහි පතළ වූ නර්තන සම්ප‍්‍රදාය පහතරට නැටුම හෙවත් රුහුණු නැටුම් සම්ප‍්‍රදාය වශයෙන් හැඳින්විය හැක. ඓතිහාසික සාධක විමසා බලන විට පුරාවෘත්ත සාධක මෙන් ම පුරාවිද්‍යාත්මක සාධක මගින් ද පහතරට නර්තනයේ පෞරාණිකත්වය හෙළිවන බව විද්වත් මතයයි . මේ සඳහා පහතරට ශාන්තිකර්ම උපත්කථා මෙන්ම බෙන්තර ගලපාත විහාරය , මුල්කිරිගල රාජමහා විහාරය වැනි ස්ථානයන්හි සෙල් කැටයම් , විහාර චිත‍්‍ර ආදිය සාධක සේ දක්වති.

ශ‍්‍රී ලංකාවේ දැනට ඉතිරි වී ඇති විශාලතම දෙමහල් අම්බලම

ශ‍්‍රී ලංකාවේ දැනට ඉතිරි වී ඇති විශාලතම දෙමහල් අම්බලම ලෙස සැලකෙන රත්මලේ අම්බලම පිහිටා තිබෙන ග‍්‍රාමයේ නාමය පිළිබඳව ප‍්‍රසිද්ධ ජනප‍්‍රවාද කිහිපයක් පවතී. කැකණදුර දික්වැල්ල, හුන්නදෙණිය-දංදෙණිය මාර්ග යා කරන සිව්මංසලට ආසන්නව පිහිටි මෙම දෙ මහල් අම්බලම මීට වසර 110 කට පෙර රත්මලේ ග‍්‍රාමයේ වාසය කළ සැරයන් මුත්තා හෙවත් ඩී.ඩී. සේතුංග නම්ගැ මි ප‍්‍රභූවරයෙකු විසින් ඉදිකරන ලද්දකි.